පක්ෂි භාෂාව කවි පන්තිය විචාරය
රෝස මලක ,මල් පෙත්තක සුවද ,මෙළෙක දකින සිතට මලට යටින් ඇති විසකටු පෙන්වා දුන් ආනන්ද රාජකරුණා ළමා සිත තුළ සදාතනිකව ජීවත් වන්නේය.මී බිදු තරමට මිහිරි "ළදරු කවි මී" නමැති කාව්‍ය ග්‍රන්ථයෙහි ඇතුළත් "පක්ෂි භාෂාව " ද ළමා සිත ආනන්දයෙන් පුරවන නන්දනීය පද්‍ය පන්තියකි. පක්ෂි භාෂාව සදහා අනුභූතිය වන්නේ විහග නාදයයි.
පක්ෂි ලෝකය සැහැල්ලුය,නිදහස් ය. එහෙත් උන්ටත් සතුරන් නැත්තේ නොවේ.නයා,පොළගා කුරුලු කැදලි සුන් බුන් කොට කුරුලු හදවත් තුළ දුක් ගිනි අවුලුවාලිය. එවන් සතුරෙකු දුටුවනම දෙමලිච්චාය,මයිනාය,ගිරවාය යන වර්ග බේදයකින් තොරව සියලු දෙනා එකට එක්ව එකා වන්ව පොදු සතුරාට එරෙහි වෙති.
නයින් පොළොගුන් දැක අන්තරාවකැයි
දැනුම් දෙති අන් හඩකින් අපුරුවයි
පක්ෂි සතුව ඇති සතුරාට එරෙහිව යෙදිය හැකි එකම ආයුදය උන්ගේ හඩයි . කොන්දේසි විරහිතව මෙම ආයුදයෙන් සතුරාට පහර දෙන පක්ෂීහු සතුරා දුරට දුරු කරමින් මිනිසාටද "සමගිය බලය වේ" යන උත්තම ආදර්ශය ලබා දෙති. ඉදින් පක්ෂි භාෂාව අපුරු නොවන්නේද? අපුරු වන්නේමය.
මලින් මලට පියඔමින් මල් පැණි බී උදම් වන පක්ෂින් නිදහසේ සුව විදියි.ආනන්තය දක්වා විහිදී යන නිල් අඔර පුරා පියා සලන විහග ගනා මද සුළගේ නැළවෙන රුක්ගොමුවේ තාලයට අනුතාල තබයි. එම උදාන ගීතයද සියලු දෙනා එකට එක්ව ගයති.
සතුරු උවදුරු දුරට දුරලන කුරුලු රෑන් සොමිනස එකට එකතුව විද ගැනීම ද අපුරු ය.
ගසක් වැලක් හෝ ගොමුවක් කරා ගොසින්
බොහෝ දෙනා මල් පැණි බී උදම් බැවින්
අතුත් ඉතිත් හි රූමින් යමින් එමින්
ගයත් එකාවන් තුටු ගී අපුරුවයි
පක්ෂින්ගේ උදාන ගීතය අපුරු වන්නේ සියලු දෙනා එක්ව සතුට බෙදා ගන්නා හෙයිනි. එපමණක් නොව කුරුලු සිතක උපත අනුරාගි හැගම් සන්නිවේදනාය කරන්නට ද ස්වකිය නාදය ම යොදා ගන්නටද උන් උත්සුක වෙයි. කොවුලා කෙවිලිය අමතන්නේ ඉමිහිරි සංගිත රාවයකිනි. මෙම රාවයේ අරුමය එය නොවේ. සමස්ත පක්ෂි වර්ගයාම එම අනුරාගික රාවය හදුනා ගැනිමයි.ඒ බැව් කවියා අනාවරණය කරන්නේ
එකින් එකාගේ අනුරාග ගායනා
කුලේ සියල්ලෝ හදුනත් අපුරුව
යන යෙදුම මගිනි.
මිනිසාට තම හැගුම් මෙලෙස අනාවරණය කළ හැකි නම් පක්ෂි ලොව තරම්ම මිනිස් ලොවද සුන්දර වනු ඇත.
විප්‍රයෝගයේ දුක්ඛ සන්තාපයන් මිනිස් ලොවට පමණක් උරුම අරුමයක් නොව පක්ෂි ලොවටද උරුම කරුමයකි. පක්ෂි සිතට ජනිත ශෝක තැවුල් ගීත හඩින් ගැයෙයි.
වියෝගයක් වු විට සිත් තැවුල් බැවින්
අමිරි වු ශෝක හඩක් නගත් තෙපි
කුරුලු හඩින් ගැයෙනා සෝ ගී රාවය සවන් පත් අතරින් හදවතට ගළා ගොස් දුක සමනය කරයි. එබැවින් දුකද මිහිරක් සේ විදිමට උන් සමත් වෙයි. එය අපුරු හඩකි.
පක්ෂිහු පරිසර සංවේදී සත්ත්ව විශේෂයකි. ඉර හද තාරකා ගස් වැල් මෙන්ම පක්ෂින් ද පරිසරය නමැති මහා ජාලයේ නුල් පොටවල් වේ. එබැවින් අරුණෝදයෙන් උදම් වෙන පක්ෂින් මෙන්ම උදෑසන නැවුම් හිරු කිරණින් උදම් වන පක්ෂින් ද තම තමන්ගේ උදාන ගීතයන් ගයයි. එය මිහිරිය අපුරුය.
පරඩැල් පත් බිමට හෙලා නැවුම් ජලයෙන් ගස් වැල් දිය නාන වැසි සමය එළැඹෙන වග ලොවට කියන්නේ පක්ෂින් ය . ලෝකය තවන දවන ග්‍රීස්ම සමය පැමිණෙන වග ලොවට කියන්නේ පක්ෂින් ය . මෙය කළ හැක්කේ කේසේද ? පක්ෂින් පරිසරය සංවේදි සත්ත්ව විශේෂයක් වන හෙයින් නොවන්නේද?, මෙම සන්නිවෙදනය අපුරු වන්නේ තමන් දැනගත් තොරතුරු සියලු දෙනාට දැනගත හැකි පරිදි මිහිරි සරින් ගායනා කරන හෙයිනි.
ආනන්ද රාජකරුණා කිවිදු පක්ෂි නාදය ඉතා සියුම් ලෙස නිරික්ෂණය කරමින් අවස්ථා වෙන් අවස්ථා වට එම නාදය වෙනස් වෙන අයුරුත් එම වෙනස අපුරු වන බවත් කවි පෙළ තුළින් අනාවරණය කරයි.
හොඳම පද පිළිවෙලට යෙදිම කවිය නම් මෙහි හැම පදයක්ම හොඳම පිළිවෙලට යෙදි තිබෙනු දැකිය හැකිය. කවියා මහි තාලය සුරැකීම කෙතරම් අගය කොට සැළකුවාද යත් වයාකරණය නොසළකා පද ගැළපු අවස්ථාවන්ද ශක්නට ලැබේ. "ඒ රැස් කරත් තෙපි"යන්න නිදසුනක් ලෙස දැක්විය හැකිය.
පක්ෂි භාෂාව අපුරු වන්නේ හදිසිය ,අනතුර පමණක් නොව සතුට සොම්නස ප්‍රකාශ කිරිමටද යොදා ගන්නා හෙයිනි.එපමණක් නොව පාරිසරික වෙනස් වීම් චලනය අන්‍යන්ට දැනුම් දීමට ද මෙම හඩ යොදා ගනියි.අතිශය සුලබ පක්ෂි නාදය ඇසුරු කොටගෙන මිනිසුන් තුල දුලබ ගති ස්වභාවයන් ද්විනිත කිරිමට කවියා සමත් වෙයි.ළමා මනස තුළ පක්ෂින් පිළිබඳව අපුරු හැගිමක් මතු කර ළමා සිත තුළ පක්ෂින්ට මතු නොව ස්වභාව ධර්මයට ආදරයක් ඇති කිරිමට ද කවියා දරණ උත්සහය අගය කළ යුතුය.
❤️
ReplyDelete💞💞
DeleteGood job 👍
ReplyDelete💞💞
Delete