අරුණෝදේ මිහිරියාව
හිම කුමරිය කන්ද උඩින් එබි බලන්නේ
සිත සුළං හමා ඇවිත් ඇගේ හැපෙන්නේ
නේක වර්ණ පුංචි පුෂ්ප විකසිත වෙන්නේ
උදෑසනේ ඇති අසිරිය ලොවට කියන්නේ
විහගුන්ගේ ගීත නාද දසත ඇරෙන්නේ
ළා හිරු රැස් සෙමෙන් පොළොව සිඹින්නේ
ගස් වැල් මල් මේ සියල්ලම ඉන් නැගැවෙන්නේ
අරුණෝදේ මිහිරියාව කියා පාන්නේ
පුංචි ළමයි හනි හනිකට පාසල් යන්නේ
සුවද මලින් රොන් ගන්නට බඹරු ඇදෙන්නේ
ඒ අතරේ විහග රෑන් කෑම සොයන්නේ
හිමිදිරියක අසිරිය ලොවට කියන්නේ
Comments
Post a Comment