දුවගේ චිත්‍රය කවි පන්තිය විචාරය
කවිය වනාහි හොඳම පද හොඳම පිළිවෙලට ගැළපීමයි. යන අරුත ප්‍රකට කරමින් ඉලක්ෂ ජයවර්ධන කවියාගේ 'දුවගේ චිත්‍රය ' යන කවි පංතිය ඉතාමත් අලංකාර සහෘද සිත් සතන් ප්‍රබෝධමත් කරමින් නිර්මාණය කර ඇත. මෙම කවි පන්තියට අත්දැකීම් වී ඇත්තේ දුවක් ඇදි වෙරළේ හැන්දෑව චිත්‍රය දකින පියකුගේ සිතුවිලි සහ ඒ සම්බන්ධව දුවට දෙන උපදෙස් ය.
මෙම අත්දැකීම් ඉතා අපුර්ව ආකාරයෙන් සහෘදයා වෙත ගෙන හැර දක්වා ඇත්තේ මෙලෙසය.
අහසට ලස්සනම ගෑවමයි දම් පාට
හදත් අයිනෙන් අදිමු එය නැතුව බැහැ රෑට
දුවේ නුඔ දන්නවද දුරයි හද හාවාට
අදින්නට ඕන නැහැ ඒ නිසා ආවාට
පියකු හා දියණියක් අතර ඇත්තේ ඉතාමත් ගැඹුරු බැදිමකි. මෙහිදි පියා තම දියණියට චිත්‍රය අදින්නට උපදෙස් දෙන ආකාරය කවියා විසින් සහෘද සිත් සතන් ඇද ගනිම්න් පද පේළි ඉතා අපුරුවට ගෙත්තම් කර ඇත. 'අහසට ලස්සනම ගෑවමයි දම්පාට' යන පද පේළි කියවන පාඨකයාගේ මනස තුළ අපුරු සිතුවමක් ඇදෙන පරිදි නිර්මාණය කිරිමට කවියා සමත් වී ඇත. සාමාන්‍යයෙන් හැන්දෑවක අහස තැඹිලි මිශ්‍ර රතු පාටකින් යුක්ත වු නමුත් මෙහි කතකයා වන පියා තම දූට පවසා සිටියේ දම් වර්ණයෙන් අහස වර්ණවත් කරන ලෙසයි. මෙහිදි කවියා විසින් සහෘදයාට සිතන්නට යමක් ඉතුරු කර ඇත.
'හදත් අයිනෙන් අදිමු ', ' දුවේ නුඔ දන්නවද ' වැනි සංවාදශිලි බස්වහරක් උපයෝගි කරගනිමින් නිර්මාණය කර ඇත.
'හදත් අයිනෙන් අදිමු එය නැතුව බැහැ රෑට'
මෙම පද පේළිය මගින් රාත්‍රී අහස ආලෝකමත් කිරිමට හද අවශ්‍ය බවත් ,රාත්‍රී අහස තනිව නොබවා හදත් අදින්න යැයි පවසා ඇත. කවියා විසින් තනිකම ජීවිතයේ ගැඹුරු වේදනාත්මක ,අහිමි විමක් කවි පන්තියේ හැම පද පේළියකම ඉස්මතු කර තිබේ.
චිත්‍රයට නගද්දී එක ළගින් ඇන්දාට
අහස සයුරට දුරයි බර වැඩියි මගෙ දූට
ගගනතේ මායිමේ නුඔ ඇදපු වවුලාට
ළගින් තවකෙක් අදිමු තනිය හොද නෑ ඌට
මෙම පද්‍ය පන්තියේ පළමු පද දෙක මගින් පියා විසින් තම දියණියට පවසා සිටින්නේ චිත්‍රයක දි අදින විට සයුර අහස එක ළග ඇන්දත් එය චිත්‍රයේ එක රේඛාවකින් වෙන් කරත් නමුත් සැබෑ ලෝකයේ යථාර්ථය තේරුම් ගැනිමට දුව තාම කුඩා වැඩ් බවය. අහසත් සයුරත් සමීපව සිත්තම් කළත් කිසිම විටේකත් ළග නොවෙන බව ඔහු ඈට පවසයි. එය කවියා ඉතා අපුරු ආකාරයෙන් පද පේළි අමුණා ඇත.
'ගගනතේ මායිමේ නුඔ ඇදපු වවුලාට
ළගින් තවකෙක් අදිමු තනිය හොද නෑ ඌට'
දියණිය තමා විසින් ආදි චිත්‍රයේ වවුලකු ඇද තිබු අතර එහි එක් වවුලකු ඇද දුටු පියා තම දියණියට උපදෙස් දුන්නේ එය ළගින් තවත් වවුලකු අදින ලෙසය. මෙහිදි කවියා ඉස්මතු කර දක්වා සිටින්නේ චිත්‍රයක වුවත් කිසිවෙකුටත් තනිකම නොදෙන්න කියාය. කවියා විසින් පාඨකයාට රස විදිමට හැකි පරිදි කාව්‍ය උපක්‍රම යොදා ගෙන මෙම පද්‍ය පන්තිය නිර්මාණය කර තිබේ. සරල බස් වහර ,අර්ථවත් බස් වහර කවියා කවි පන්ති අලංකාරවත් කිරිමට එක් කර ඇත.
කවියා කවි පෙළ අවසානයේ වියෝගය ,විප්‍රයෝගය මතු කරමින් පාඨකයා තුළ අපුර්ව දෘශ්‍ය රටා මවමින් හැගුම් දැනවිමට සමත් වී තිබේ.
ටීචරුත් ලකුණු දෙයි නොවෙන් බිය සංකාව
දැන් හරිම ලස්සනයි වෙරළ ලග හැන්දාව
චිත්‍රෙ අපි නො ඇද ඉමු දුවේ අපි දෙන්නාව
එහෙම උනොතින් ළමයි සොයයි නුඹේ අම්මාව
කවියා තම පද්‍ය පන්තියේ අවසානයේ දුවත් පියාත් තනි වී සිටින්නේ අම්මා නැති නිසාය. එහෙත් මේ අම්මා මිය ගිහින් ද නැතහොත් ඔවුන් දෙදෙනා දමා ගොසින් ද කියා අපට නොතෙරේ. එසේ වුවත් මොවුන් පෙළෙන තනිකම පාඨකයාගේ නෙතට පාඨකයාගේ නෙතට කදුලක් ගෙන දෙම්න් අපුර්වට ඉදිරිපත් කර ඇත.
මව් සෙනෙහස නොමැති දරුවන් කොපමණ සමාජයේ ඇත්ද? මව් සෙනෙහස අහිමි දරුවෙකුගේ සිත් සනසන්න පියෙකු දරන වෙහෙස අනත්තයි. අප්‍රමාණයි. මේ බව ඉලක්ෂ ජයවර්ධන කවියා සහෘදයාගේ හැගිම් උද්දීපනය කරමින් නිර්මාණය කළ 'දුවගේ චිත්‍රය ' කවි පංතිය අපුර්වතම නිර්මාණයකි.
❤️❤️
ReplyDelete💖💖
Delete