Posts

අරගලය

 මුළු ලක් දෙරණ පුරා ඝෝෂා පැතිරේ ලක් මවුනි ඔබ වෙනුවෙන්  ඔබේ ධජ ලෙලදේ ගිනිබදින කුසගින්නට  අහිංසක  මිනිසුන්ගේ දුක් අදෝනා දසත  පැතිරේ පවිටු නරුමයන්ගේ   දැයේ පුතුනට  මගේ මව් බිම රැකදීමට තව තව සිංහ පුතුන්  පහළවේවා... මගේ මව් බිම සුරැකේවා.....  

සබරේ අහස යට

දහසක් හීන පොදි බැදගෙන විදින්නට සරසවි පහස මමත් පිය නැගුවෙමි සබරේ මව් තුරුලට  නොහදුනන මිතුරන් මුණ ගැසුනත්  බැදුණු ලෙන්ගතුකම්  සහොදරියන් මෙන්ය නොදැනිම අවුරුද්දක් ගෙවි ගියද එක් විය ජිවිතයට සොදුරුතම මතකයන්  නිමක් නොමැතිව ....                                    ✍️ මධුෂානි ..                              

ජීවිතය

 ජීවිතය පුදුමාකාරය  ගගක් මෙන් ගලා යයි  විටෙක සතුටද  විටෙක දුකද  විටෙක ජිවිතය  අත් හැරිමට සිතෙන   නැවත ජීවිතයේ  අරුත වැටෙහි ජිවත්වන්නට සිතෙන ජිවිතය නම් පුදුමාකාරය ...

සරසවි මිතුරිය

කිසිදාක නොදුටු නුඹ  මිතුරියක් ලෙසින් විඩාබර වු ජීවිත ගමනාන්තයේ දුක සැප බෙදා ගෙන බාධක ජයගෙන එකම සිහිනයක්  ඉටුකර  ලන්නට හමු වු නුඹ  එක මව් කුසින් නුපන්නත් මට නම් සහොදරියක්ය....

සිහිනය

Image
දවසක  ඇති වුනා සිහිනයක්  සරසවි බිමට  පියනගන්නට අලුත්  දැනුම්  සයුරෙ පිහිනන්නට  ඇගිලි ගනිමින්  සිටි සිහිනය  සැබෑ  වුනු නමුත්  කොරෝනා නුඹ  හරස් විය  සරසවි මව්තුරුලට  යන්නට ....

අත්තම්මා

Image
  පුංචි කාලේ සිට මගේ සෙවනැල්ල වී මා ළගම සිට අම්මා මෙන් සෙනෙහස ලබා දී විටක යහලුවෙක් මෙනි මට තාමත් මතකයි නුඔ ඔඩොක්කුවට අරන් මාව  ආදරයෙන් බත් ගුලි කවා නිතර කතන්දර කියා දෙමින් ආදරයෙන් හිස සිබි අයුරු අද නුඔ අප දමා ගියත් නුඔ තවමත් ඇත  අප සිත් තුළ  අත්තම්මේ........

රාත්‍රී අහස

Image
 හිරු කුමරා හිම්න් සැරෙ සැගිවි                යනවා සද කුමරා හිමින් සැරෙ එබි                    බලනවා පුංචි පුංචි තාරකාවන් එළිය              ගෙනෙනවා ඒ එළියෙන් මුලු ලොවම හැඩ             කරවනවා කුරුලු රෑන් හනි හනිකට කූඩුවට               යනවා කූරුලු පැටැව් හිමි  හිමිට මව් තුරුළුට      යනවා කඩපුල් මල් දසත සුවද                            හමනවා හරි අපුරු රාත්‍රීයක අසිරි                     ගෙනෙනවා