රෝස මලක ,මල් පෙත්තක සුවද ,මෙළෙක දකින සිතට මලට යටින් ඇති විසකටු පෙන්වා දුන් ආනන්ද රාජකරුණා ළමා සිත තුළ සදාතනිකව ජීවත් වන්නේය.මී බිදු තරමට මිහිරි "ළදරු කවි මී" නමැති කාව්‍ය ග්‍රන්ථයෙහි ඇතුළත් "පක්ෂි භාෂාව " ද ළමා සිත ආනන්දයෙන් පුරවන නන්දනීය පද්‍ය පන්තියකි. පක්ෂි භාෂාව සදහා අනුභූතිය වන්නේ විහග නාදයයි. පක්ෂි ලෝකය සැහැල්ලුය,නිදහස් ය. එහෙත් උන්ටත් සතුරන් නැත්තේ නොවේ.නයා,පොළගා කුරුලු කැදලි සුන් බුන් කොට කුරුලු හදවත් තුළ දුක් ගිනි අවුලුවාලිය. එවන් සතුරෙකු දුටුවනම දෙමලිච්චාය,මයිනාය,ගිරවාය යන වර්ග බේදයකින් තොරව සියලු දෙනා එකට එක්ව එකා වන්ව පොදු සතුරාට එරෙහි වෙති. නයින් පොළොගුන් දැක අන්තරාවකැයි දැනුම් දෙති අන් හඩකින් අපුරුවයි පක්ෂි සතුව ඇති සතුරාට එරෙහිව යෙදිය හැකි එකම ආයුදය උන්ගේ හඩයි . කොන්දේසි විරහිතව මෙම ආයුදයෙන් සතුරාට පහර දෙන පක්ෂීහු සතුරා දුරට දුරු කරමින් මිනිසාටද "සමගිය බලය වේ" යන උත්තම ආදර්ශය ලබා දෙති. ඉදින් පක්ෂි භාෂාව අපුරු නොවන්නේද? අපුරු වන්නේමය. මලින් මලට පියඔමින් මල් පැණි බී උදම් වන පක්ෂින් නිදහසේ සුව විදියි.ආනන්තය දක්වා විහිදී යන නිල් අඔර පුරා පි...